ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් සමඟ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව අද (13) සාකච්ඡාවක යෙදීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙරට සියලුම වෘත්තිකයන් සහ ආයතන දේශපාලන පක්ෂ නියෝජනය කරන වෘත්තීය සමිති ගණනාවකින් සැදි මෙම වෘත්තීය සමිති එකමුතුව දිගු කාලයක් තිස්සේ ජනාධිතිවරයා හමුවීම පිළිබඳව ඉල්ලීම් කර ඇති අතර ඒ අනුව අද පෙරවරු 11.00ට එම වෘත්තීය සමිති නියෝජිතයින් හමුවීමට නියමිත බව එම ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.
පසුගිය 11 වැනිදා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට පවරා දීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීමට වරායේ සියලුම වෘත්තීය සංගම් සහ මෙරට ක්‍රියාත්මක වන සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් ගේ සහභාගීත්වයෙන් පුළුල් රැස්වීමක් පැවැතිණි.
මෙම රැස්විමට වරාය නියෝජනය කරන වෘත්තිය සමිති 23ක් ප්‍රධාන ව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයට පක්ෂපාත වෘත්තිය සමිති සහ සංවිධාන සහ සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක් සහභාගී වූ අතර ඔවුන් සියලු දෙනාම මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිය විරෝධය පළකොට තිබේ.
පකෂ පාට භේදයකින් තොරව මෙම කරුණ සම්බන්ධයෙන් වෘත්තීය සමිති සියල්ල ඒකරාශී වීම ජනාධිපතිවරයාගේ හමුවීම ඉක්මන් වීමට බලපෑ ආසන්න හේතුව විය හැකි බවද ලංකාසරට කරුණු අනාවරණය කළ ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.