යටත් විජිත සමයේ සැකසුණු පුරාවිද්‍යා ආඥා පණත සංශෝධනය කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය දන්වයි.
මේ සංශෝධන කාර්යය සඳහා විෂය පිළිබඳ ප්රාමාණිකයන් හා මහා සංඝරත්නය ඇතුළත් විශේෂ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. අද (24) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ දී ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන තිබිණි.
ජාතික උරුමය අනාගත පරපුරට දායාද කිරීමේ දී මතුවන ප්‍රායෝගික ගැටලු නිරාකරණය කරගැනීමත්, රටේ සෑම ඓතිහාසික පූජනීය ස්ථානයකම උරුමය හා පුරාවිද්‍යා වටිනාකම් ආරක්ෂා කරගැනීමත් මෙම සංශෝධන කාර්යයේ පරමාර්ථය බව ජනාධිපතිවරයා පවසා තිබිණි.
පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයේ වැදගත්කම මේ අවස්ථාවට එක් වී සිටි මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමි සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමි ද පෙන්වා දී තිබිණි. ජාතික උරුමය සහ ශාසනික ඉතිහාසය සුරැකෙන පරිදි එය සංශෝධනය විය යුතු බව දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමි පැවසූහ.
පුරාවිද්‍යා දෙපාර්තමේනතුවට වාර්ෂිකව වෙන් කරන මුල්‍ය ප්‍රතිපාදන වැඩි කිරීම, සේවක හිඟය පිරවීම, ඓතිහාසික ස්ථාන හා පුරාවස්තු ආරක්ෂා කිරීමට සිවිල් ආරක්ෂක බලකාය යොදා ගැනීමත්, පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු විය.