ඉදිරි මහමැතිවරණයට පෙර, දුම්කොළ, මත්පැන් හා නීතිවිරෝධී ඖෂධ කර්මාන්තයට සම්බන්ධ අපේක්ෂකයින්ගේ නම් හෙළිකරන බව දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය පවසයි.
එම මධ්‍යස්ථානයට අනුව, දුම්කොළ, මධ්‍යසාර හෝ නීතිවිරෝධී ඖෂධ කර්මාන්තවලින් ආධාර ලබන හෝ ප්රතිලාභ ලබන අය මෙන්ම ඊට අනුබද්ධිත ඕනෑම අයෙකු මෙම හෙළිදව්වට ඇතුළත් වේ.
ශ්‍රී ලංකාවේ දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය (සීසීටී) මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරමින් සිටී. එහි අධ්යක්ෂ ආචාර්ය මහේෂ් රාජසුරිය මහතා පැවසුවේ මෙම විමර්ශනයේ සොයාගැනීම් tobaccounmasked.lk හි පළකරන බවත් එය මැතිවරණ දිනට පෙර බෙදා හරින බවත්ය.
ඕනෑම අපේක්ෂකයෙකුට සම්බන්ධතා ඇති හෝ දුම්කොළ, මධ්‍යසාර හා නීති විරෝධී ඖෂධ කර්මාන්තවලින් යම් ප්‍රතිලාභයක් ලබාගෙන ඇත්ද යන්න පිළිබඳව කිසියම් අයකු සතුව ඇති තොරතුරු සීසීටී ආයතනය වෙත ලබාදෙන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙලෙස තොරතුරු ලබාදෙන සියලු දෙනාගේ අනන්‍යතාවය සුරකින බවත් නිර්නාමිකව වුවද මෙම තොරතුරු ලබාදීමට හැකි බවත් රාජසූරිය මහතා පැවසීය.