චීනයේ නිශ්පාදිත කොවිඩ් මර්ධන එන්නත වූ සීනෝෆාම් එන්නත් මාත්‍රා 600,000 මාර්තු 31 වන දින ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව ඍෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
එමෙන්ම රුසියාවේ නිශ්පාදිත ස්පුට්නික් – වී කොවිඩ් එන්නතේ මාත්‍රා විසි දහසකට ආසන්න ප්‍රමාණයක පළමු තොගය සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර බොහෝ විට ලැබෙනු ඇති බවත් ඇමතිවරයා කියයි.
ස්පුට්නික් – වී කොවිඩ් එන්නතේ මාතා මිලියන 07ක් මිලදී ගැනීමට මේ සතිය මුල දී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබිණි.