හොරණ ගුරුගොඩ ඔයේ යතුරුපැදියක ගැට ගසා ඝාතනය කර ඇත්තේ බුලත්සිංහල පදිංචිකරුවෙක් බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ.
එම පුද්ගලයා පොළොන්නරුව ප්රදේශයෙන් විවාහ වී සිටින අයෙක් බවත් රුපියල් ලක්ෂ 27 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති අයෙක් බවත් අනාවරණය වී ඇත.
යතුරුපැදියක ගැට ගසා ගුරුගොඩඔයට යතුරුපැදියද සමග දමා තිබුණු මෙම පුද්ගලයාගේ මළ සිරුර පොලීසියට හමුවන්නේ ඉකුත් බ්රහස්පතින්දා සවස් කාලයේදීය.
මළ සිරුර ඒ වන විට දියවී ඇටසැකිල්ල පෑදී තිබී ඇති ඇත.
යතුරු පැදියේ අංකය ඔස්සේ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මියගිය පුද්ගලයා හදුනාගත් බව පොලීසිය කියයි.