ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට සිට නැවත දැනුම් දෙන තුරු වැසේ
ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට (07) දින සිට වසා දැමිමට තීරණය කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා ප්‍රකාශ කළේය.
පැතිර යන කොවිඩ් වසංගත තත්වය නිසා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ සමග කළ සාකච්ඡාවකින් පසු මෙම තිරණය ගත් බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් විවෘත කරන දිනය සෞඛ්‍ය බලධාරින් සමග සාකච්ඡාකොට පසුව දැනුම් දෙන බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේය.