අද උදේ 5.45 ට පමණ පොලොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර කඳවුරෙන් පැන ගිය කොවිඩ් ආසාදිතයන් 05න් එක් පුද්ගලයෙක් අද සවස මාදම්පේ දී අත්අඩංගුවට ගැනීමට පොලිිසියට හැකි වී තිබේ.
අත්අඩංගුවට පත්ව ඇත්තේ වෙන්නප්පුවේ පදිංචි 27 හැවිරිදි තරිඳු මධුෂාන් නැමැති පුද්ගලයෙකි.
මේ පිරිස පාන්දර ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැන විත් කොළඹ බලා පැමිණෙන NB 9220 අංක දරන බස් රථයෙන් කුරුණෑගල දක්වා පැමිණ ඇති බව හෙළි වී ඇත. මෙම බස්රථය කොළඹ බලා ධාවනය වුවත් පොලොන්නරුව මාතර ලෙස සටහන් නාම පුවරුවක් සවිකරගෙන සිට තිබේ.
මෙම බස් රථයේ ගමන් කළ මගීන් වේ නම් ඔවුන් ලඟම සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කර ඇත.