ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ නිරෝධායනයට යොමු කළ කොවිඩ් ආසාදිතයන් දෙනෙකුගේ නිවාස හොරු කඩා ඇති බව ගල්කිස්ස පොලිසිය වාර්තා කරයි.
මෙම ආසාදිතයන් දෙදෙනාගෙන් එක් නිවසක ආසාදිතයින් දෙදෙනෙක් ද අනෙක් නිවසින් ආසාදිතයන් තුන්දෙනක් ද වාර්තා වී තිබුණු අතර සතියකට පෙර ඔවුන්ගේ පවුල් පිිටින් නිරෝධායනය කර තිබිණි.
මින් එක් නිවසක් බිඳ තිබුණේ මීට දින කිපහකයට පෙරය. අනෙක් නිවස අද බිඳ ඇතැයි වාර්තා විය.
නිරෝධායනයකළ පුද්ගලයන් සිටි මෙම නිවෙස්වල පොලිසිය හා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විසින් නිරෝධායන දැන්වීම ද අලවා තිබිණි.
මේ ආකරයෙන් දේපල කොල්ලකන විට ආසාදිත පුද්ගලයන් නිරෝධායනය වෙත යොමු කිරීමේ ගැටලුවක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දේ.