රුපියල් මිලියන 28 ක පමණ වටිනාකමකින් යුත් මත්පෙති 5600 ක් සන්තකව සිටි පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ ගලදාරී හෝටලයේ දී කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේ මෙම මත්පෙති තොගය කුරියර් සේවයක් හරහා දිවයිනට ගෙන්වා ඇති බවය.
මෙම මත්පෙති තොගය සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ 20 හැවිරිදි සහ 29 හැවිරිදි වයස්වල සිටින වත්තල සහ අංගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. මත් පෙති තොගය ගෙනැවිත් මෙම තරුණයන්ට භාර දුන් පුද්ගලයා සෙවීමේ මෙහෙයුමක් අරඹා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.