රටපුරා ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධිත ට්‍රාන්ස්ෆෝමර්ස් 7000ක් ආසන්නයේ කුඩා පරිමාණ සුර්ය බලාගාර 7000ක් ඉදිකිරීමට රජය සැලසුම් කර තිබේ.
එයින් 800ක වැඩකටයුතු වැඩ කටයුතු ළඟදීම ආරම්භ කිරීමට සූදානම් කර කරමින් පවතින බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම එක් කුඩා සූර්ය විදුලි සුර්ය විදුලි බලාගාරය කින් කිලෝ වොට් 100 බැගින් මෙගාවොට් 700ක් ඉදිරි වසර පහ තුළ ජාතික විදුලිබල පද්ධතියට එක්කර ගැනීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
විදුලිබල අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉදිරි බලශක්ති වැඩපිළිවෙළ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ඉදිරි වසර පහක කාලය සඳහා ජනන සැලසුම් සකස් කර ඇ ති අතර 2026 වනවිට මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 7626ක් අවශ්‍ය බවට එම සැලසුම්වල දී සැලසුම් වලදී අනාවරණය වී ඇත.
එම විදුලි අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා පුළුල් සැලසුමක් සකස් කර ඇති බවත් එහිදී පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘතිය සඳහා ප්‍රමුඛතාවක් ලැබෙන අතර මේ වන විට එවැනි පුනර්ජනනීය බලාගාර 12ක් පිළිබඳව සැලසුම් සකස් වී ඇති බවද අනාවරණය කළේය.
මෙම සැලසුම් අතර ද්‍රව ස්වභාවික වායු බලාගාර දෙකක්, අර සුළං බලාගාර කිහිපයක් ද කිහිපයක් ද පවතින බව ඔහු දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් සඳහන් කළේය.