නිරෝධායන ඇඳිරිනීතිය ප්‍රකාශිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් බල ප්‍රදේශවලට ඉදිරි තෙදින තුළ නිරෝධායන ඇඳිරි නීතිය තදබල ලෙස ක්‍රියාත්මක කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.
පසුගිය දින 04 තුළ සුපිරි වෙළෙඳසල් හා ඖෂධහල් විවෘත කරනු ලැබු බවත් ජනතාව තමන්ට අවශ්‍ය ඖෂධ හා ආහාර ද්‍රව්‍ය ලබාගනු ඇතැයි විශ්වාස කරන බවත් හමුදාපතිවරයා පැවසුවේය.
තත්ව සමාලෝචනයකින් අනතුරුව ඉදිරි තෙදින ගතවූ පසු කඩ සාප්පු සුපුරුදු ලෙස විවෘත කළහැකි වනු ඇති බවට ඔහු විශ්වාසය පල කලේය.