දිනසේන රතුගමගේ –
යාපනය කෝපායී නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් වූ 101 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් 7 දා ආපසු ඔවුන්ගේ ගම්බිම් බලා පිටත්ව ගියහ.
දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි මේ පිරිස පිටව යන අවස්ථාවට සහභාගී වූ යාපනය ශීක්ෂණ රෝහලෙ අධ්යක්ෂ පී.සත්‍යමූර්ති මහතා නිරෝධායනය වූ පිරිසට අදාල සහතික පත් පිරි නැමූ අතර නිරෝධායන කටයුතු මෙහෙයවන ලද වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට සිය ස්තූතියද පුද කළේය.