කීර්ති ප්‍රනාන්දු –
රුපියල් කෝටි 40ක් වටිනා බත්තල් තුනක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ත්‍රී කුණාමලය වරායේ රඳවා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී අනාවරණය වී තිබේ.
පුත්තලම ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු ප්‍රවාහනය කිරීම සඳහා මෙම බත්තල් මිලදී ගෙන ඇති බව පැවසේ.
එසේම තවත් රුපියල් කෝටි 38කට අධික වියදමක් කර මෙමබත්තල් තුනේ සේවා කටයුතු සඳහා මිලදී ගෙන තිබුණු ඉතා වටිනා ටග් බෝට්ටු දෙකක් ද, ලයින බෝට්ටුවක් ද කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ඇතැයි ද අනාවරණය වී තිබේ.
මෙම වටිනා බත්තල් තුන උපයෝගී කරගනිමින් ලංකා නැව් සංස්ථාව මගින් ගල් අඟුරු ගොඩබෑම ටික කාලයක් සිදුකර ඇති බවත් පසුව මෙම බත්තල් තුන ගල් අඟුරු ගොඩබෑමට සුදුසු නැතැයි පවසා එම ගල් අඟුරු ගොඩබෑම පුද්ගලික ආයතනයකට ලබා දී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන නිලධාරීන් කෝප් කමිටුවට පවසා ඇතැයි වාර්තා වේ.