කොලඹ නගරාධිපතිනි රෝසි සේනනායක මහත්මියටද හෙට (16) කොරෝනා ආසාදනය හඳුනා ගැනීම සඳහා සිදු කෙරෙන පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමට නියමිතව තිබේ.
නගර සභාවේ ඇය සහභාගී වූ මුදල් කමිටු රැස්වීමකට පැමිණි නගර සභාවේ කොමසාරිස්වරයකු කොවිඩ් 19 ආසාදිතයකු බවට තහවුරු වීම හෙතුවෙන් ඇය ඇතුළු එම රැස්වීමට සහභාගී වූ සාමාජිකයන් මෙලෙස පීසීආර් පරීක්ෂණයට යොමු කොට තිබේ.
“ඩේලි මිරර්“ පුවත් පතට මේ බව අනාවරණය කර ඇති කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුනි මහතා පවසා ඇත්තේ මෙම පරීක්ෂණ හෙට දිනයේ සිදු කිරීමට අවශය කටයුතු යෙදූ බවය.