කොළඹ සිට නුවරඑළිය දක්වා බස් රථයක ගමන් කළ මගියෙක් ඊයේ (05 ) මධ්‍ය රාත්‍රියේ දී බස් රථය තුළම මිය ගොස් තිබේ.
කොළඹ රැකියාව කරන පොල්ගොල්ලේ පදිංචිකරුවෙක් වූ මෙම පුද්ගලයා පේරාදෙණිය ආසන්න වන විට තමන්ට පපුවේ අමාරුවක් බව පවසා ඇති අතර 1919 අමතා ගිලන් රථයක් ගෙන්වාගෙන පේරාදෙණිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග කියයි.
දේහය සඳහා පී.සී.ආර්. පරීක්ෂණ කර ඇති බවත් එහි ප්‍රතිඵල හෙට සවස් වනවිට ලැබෙනු ඇති බවත් රෝහල් ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.