කොස්ගම රෝහලෙන් අද (23) උදෑසන 6ට පමණ පළා ගිය කොවිඩ් වෛරසය ආසාදිත 26 හැවිරිදි තරුණයා බොරැල්ල ප්‍රදේශයෙන් සොයා ගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ මෙම ආසාදිතයා බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ නිවසක සිටියදී සොයා ගත් බවය.
සහස්පුර යනු කොළඹ ප්‍රදේශයේ පිහිටි දැවැන්තම නිවාස සංකීර්ණයක් වන අතර අධික ජනගහණ ධාරිතාකින් යුතු ප්රදේශයකි. මෙ වනවිට එම ප්‍රදේශය තුළ විශේෂ සොයා බැලිම් කරන බව සෞඛ්‍යය අංශ වාර්තා කළේය.
මේ පුද්ගලයා සුව වූ පසු ඔහුට එහෙිව නීතිමය පියවර ගන්නා බව පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේය.