කොවිඩ්-19 වසංගතයට අතරතුර දී සෞඛ්‍ය උපදෙස් අනුව මහමැතිවරණය පවත්වන ආකාරය පිළිබඳ පෙරහුරුවක් අම්බලන්ගොඩදී මේ වනවිට පැවැත්වෙයි.
අද පෙරවරු 10.30ට පමණ අම්බලන්ගොඩ විලේගොඩ දීපදුත්තාරාමය විහාරස්ථානයේ දී මෙම පෙරහුරුව ආරම්භ විය.
එම ප්‍රදේශය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ උපන් ගම් ප්‍රදේශය වීම විශේෂත්වයකි.
මෙම පෙරහුරුව සඳහා මැතිවරණ කොමිසමේ නිලධාරීන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද 200ක් පමණ සහභාගී වී සිටින අතර එය බැලීමට ප්‍රදේශවාසීන් ද පැමිණ ඇතැයි ලංකාසර වෙත වාර්තා වේ.