දිනසේන රතුගමගේ –
කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ ආදාහන කටයුතු සිදු කිරීම එම පුද්ගලයාගේ සංස්කෘතියට මුල්තැන දෙමින් හා මානව හිමිකම් උල්ලංඝනය නොවන ආකාරයට සිදු කළ යුතු බව කියමින් යාපනයේ දෙමළ හ මුස්ලිම් විශාල පිරිසක් ඊයේ ( 28 ) දා උද්ඝෝෂණයක නිරත වූහ.
යාපනයේ ප්රධාන බස් නැවතුම්පලට ඉදිරිපිට මාර්ගයේ මෙම උද්ඝෝෂණය පැවති අතර උද්ඝෝෂණ කරුවන් කියා සිටියේ රටේ නීති සැකසීමේදී සුළුතර ජාතීන් කෙරෙහිද අවධානය යොමු කළ යුතු බවයි.
මේ නිසා කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ ආදාහන කටයුතු සිදු කිරීම පිළිබඳව විධිමත් චක්රලේඛයක් සැකසිය යුතු බවත් එය සැකසීමේ දී දැනට රට තුළ උද්ගතව ඇති ප්රශ්නයට විසඳුම් ලැබෙන ආකාරයට එය සකස් විය යුතු බවත් ඔවුහු කීහ.
මෙම උද්ඝෝෂණයට යාපනය නගරාධිපතිවරයා ඇතුළුව තවත් ප්රාදේශීය දේශපාලනඥයින් රැසක්ද සහභාගී වී සිටියහ.
ඔවුන්ගේ එම ඉල්ලීම් ඇතුළත් ලිපියක් ජනාධිපතිවරයා ඇතුලු රජයේ වගකිවයුත්තන්ට ලබා දීම සඳහා යාපනයේ බලධාරීන් වෙත යොමු කොට තිබේ.