නතාෂා නෙත්මිණි –
කොවිඩ් රෝගය තවමත් සමාජ සම්ප්රේක්ෂණයක් සිදුව නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි.
තවමත් රෝගීන් වාර්තා වන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ආශ්‍රිතයන්ගේ දෙවන තුන්වන වළල්ලක් වශයෙන් යැයිද හෙතෙම පැවසීය
රෝගීන් හදුනා ගැනීම හා හඳුනාගත් රෝගීන්ව වෙන්කර තබා ගැනීම නොකළහොත් ඉතා ඉක්මනින් දින දෙක තුනක් ඇතුළත රෝගය සමාජ සම්ප්රේක්ෂණයක් විය හැකි යැයි අධ්යක්ෂවරයා අවදාරණය කරයි.