නතාෂා නෙත්මිණි –
නැගෙනහිර කොළඹ රෝහලේ කොවිඩ් ආසාදිත මවක් සිය දෙවන නිවුන් දරු උපත අද (15) සිදු සිදුකළාය. රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරමාන්න දෙවොලගේ මේ බව තහවුරු කළේය.
බේරුවල පදිංචි කාරිණියක්වන ඇය දරු ප්‍රසූතිය සඳහා කොළඹ පෞද්ගලිකරෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය. ඒ අනුව ඇය මුල්ලේරියාව රෝහල වෙත මාරුකර එවා ඇත.
ගර්භයට සති 37 වන විට ඇයට ගර්භ විෂාදිය සෑදුණු බැවින් සිසේරියන් සැත්කමකින් දරුවන් බිහිකර ගැනිමට වෛද්‍යවරුන් තීරණ කර ඇත.
මේ අනුව අද උදෑසන 9.30ට පමණ ඇයව සිසේරියන් සැත්කමට ලක්කල බව වෛද්‍ය මයුරමාන්න සඳහන් කරයි.
මේ වන විට මව සහ නිවුන් දරුවන් සුවෙන් සිටින බවද පැවසේ.