මෙරට සිදුවන කොවිඩ් මර්දන වැඩපිළිවෙළට බාධා පමුණුවන ප්‍රමාදයන් 4ක් ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හඳුනාගෙන තිබේ.
ඒවා වහාම නිවැරදි කිරීමද අත්‍යාවශ්‍ය සාධකයක් වී ඇති බව එම සංගමය අවධාරණය කරයි.
එම ප්‍රමාදයන් පහත පරිදි වේ.
1 ප්‍රමාදය – වෛරසය ශරීරගත වූ මොහොතේ සිට රෝගය හදුනාගැනීමට සිදුකරන පරීක්ෂණය දක්වා වූ ප්‍රමාදය
2 ප්‍රමාදය – පරීක්ෂණ සිදුකරන මොහොතේ සිට ප්‍රතිඵල ලැබෙන තෙක් සිදුවන ප්‍රමාදය.
3 ප්‍රමාදය – ප්‍රතිඵල ලද මොහොතේ සිට රෝගී බවට හඳුනාගන්නා පිරිස් රෝහල්ගත කිරීම දක්වා වන ප්‍රමාදය,
4 ප්‍රමාදය – හඳුනාගන්නා ස්පර්ශයකයන් ආවේශණය කිරීම දක්වා වු ප්‍රමාදය
ඉහත ප්‍රමාදයන් අවම කරගැනීම සඳහා මේ මොහොතේ පවතින තත්ත්වය පිළිබඳ ප්‍රමාණාත්මක විශ්ලේෂණයක් සිදුකිරීම වැදගත් වනු ඇති බව ද මෙම සංගමය පවසයි.
වර්තමාන තත්ත්වය පිළිබඳ සිදුකරන ඇගයීම හරහා වඩා නිවැරදි ආකාරයට මෙම ප්‍රමාදයන් අවම කරගැනීමට හැකි වනු ඇත.
කොව්ඩි-19 සම්බන්ධ සංඛ්‍යාලේඛන දත්ත හරහා මතුව ඇති නොගැළපීම් පිළිබඳ කිසිදු නිල හා විධිමත් පැහැදිලි කිරීමක් බලධාරීන් විසින් මේ දක්වාම සිදුනොකිරීම නිසා සමස්ථ පද්ධතිය කෙරෙහි
මහජන විශ්වාසය බිඳ වැටිමක් දක්වා වර්ධනය නොවන බවට වග බලා ගැනීමද බලධාරීන් සතු ප්රමුඛ වගකිමක් බව ඔවුහු අවධාරණය කරති.
එමෙන්ම රෝග පාලනය පිළිබඳ නැවුම් අපේක්ෂාවක් සහතික කරමින් සිටින කොව්ඩි-19 ට එරෙහි එන්නත්කරණ වැඩසටහන වඩාත් කාරයක්ෂම හා සංව්ධානාත්මක ලෙස සිදු කිරීමටද මේ
මොහොතේ තීරණාත්මක සාධකයක් වනු ඇත.
සුදුසුකම් සහිත සියලු පුරවැසියන්ට ඇති ආසන්නතම මොහොතේ එන්නත ලබාදිම සහතික කිරීම ඉතා වැදගත් බවද එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.