ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 200 ඉක්මවා ගියේය. සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද වාර්තා කළ කොවිඩ් මරණ 05ත් සමග මේ වනවිට ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 204කි.
මරණ 05න් 04ක්ම කොළඹින් පිටය. දර්ගා නගරයේ පදිංචිව සිටි අවුරුදු 72ක පුද්ගලයෙක්, හෝමාගම ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක්, ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්, පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි 75 හැවිිදි පුද්ගලයෙක් හා කොළඹ 05 ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙක් මිය ගිය අය අතර වෙති.
එමෙන්ම අද දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයන් 592ක් වාර්තා විය. ඉන් 66ක් බන්ධනාගාර රැඳවියන්ය. ඉතිරි 526 පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ය. කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 39 571කි. රජය මේ සම්බන්ධව නිකුත් කළ නිවේදන පහත දැක්වේ.