දිනසේන රතුගමගේ –
කිළිනොච්චියේ තොණ්ඩමන් නගර් ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙකු හමු වීමත් සමගම කිළිනොච්චියේ සියළුම පාසල් අද ( 24 ) දා සිට යළි දැණුම් දෙනතුරු වසා දැමීමට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තිරණය කොට තිබේ.
උතුරු පළාත් අධ්‍යාපන ලේකම් එල්.ඉලංගෝවන් මහතා කිළිනොච්චිය කළාප අධ්‍යාපන කාර්යාලයට 23 දා සවස පාසල් නිවාඩුව පිළිබදව වූ නිල නිවේදනය එවා තිබේ.
කිළිනොච්චියෙන් හමු වූ හතරවෙනි කොරෝනා ආසාධිතයා වන්නේ කිළිනොච්චියේම 72 හැවිරිදි අයෙකි.ඔහු යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ 155 කණුව අසල පිහිටි මත්පැන් අලෙවි සැලක සේවය කරණ පුද්ගලයෙකි.
කිළිනොච්චියේ සෞඛ්‍ය බලධාරීන් ඔහුට කොරෝනා ආසාධනය වූ ආකාරය පිළිබදව වෙනම පරීක්ෂණයක් ආරක්ෂක අංශ වල සහය ඇතිව ආරම්භ කොට තිබේ.
පසුගිය 22 දා කොළඹ සිට කිළිනොච්චියේ අවමංගල උළෙලකට සහභාගී වූ කාන්තාවකටද කොරෝනා රෝගය ආසාධිත වී තිබුණි.