නතාෂා නෙත්මිණි –
කොවිඩ් ආසාදිතව බරපතල සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දුන් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි අද සේවයට වාර්තා කළාය.
පසුගිය මස 23 වැනිදා ඇමතිනියට හා ඇයගේ සැමියාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වුණේය. අනතුරව ඇමතිනිය හික්කඩුව අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබිනි.
එහෙත් එහිදී අසාධ්‍ය තත්වයට පත් වූ ඇමතිවරිය පසුගිය 28 දා අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවාය. දින 19ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව ඇය පසුගිය 16 දා රෝහලෙන් නිකම නිවසට ගොස් තිබිණි
අදාල ප්‍රතිකාර විධි සම්පූර්ණ කර පූර්ණ සුවය ලැබූ ඇමතිවරිය අද දහවල් සේවට වාර්තා කළාය.