දිනසේන රතුගමගේ –
කොරෝනා වසංගතය නිසා යාපනය ශීක්ෂණ රෝහලේ හදවත් රෝග සදහා ප්රතිකාර කෙරෙන ස්ථානය අද 16 දා සිට වෙනස් කොට තිබේ.
යාපනය ශීක්ෂණ රෝහලේ වැඩ බලන අධ්යක්ෂ සී.යමුන්නානන්දන් ප්රකාශ කලේ යාපනය වික්ටෝරියා පාරේ පිහිටි යාපනය ශීක්ෂණ රෝහලට අනුබද්ධ වාට්ටු සංකීර්ණයේදී හෘද රෝගීන්ට ප්රතිකාර කිරීම ආරම්භ කරණ බවයි.
කොවිඩ්ස වෛරස් රෝගයෙන් හදවත් රෝගීන් දැඩි අවදානම් තත්ත්වයකට පත්වන නිසා යාපනය ශීක්ෂණ රෝහල් භූමියෙන් බැහැරව හෘද රෝගීන් සදහා වෙනම ස්ථානයක ප්රතිකාර කිරීමට යාපනය ශීක්ෂණ රෝහලේ බලධාරීන් තීරණය කොට තිබේ.