විවිධ රටවලින් නිශ්පාදනය කර ඇති කොවිඩ් එන්නත් පිළිබඳව සවිස්තර අධ්‍යයනයකින් පසු එම රටවල් හා මෙරට සෞඛ්‍ය බලධාරීන් සම්බන්ධීකරණය කරමින් හැකි ඉක්මනින් කොවිඩ් එන්නතක් මෙරටට ලබා ගැනීමේ සම්බන්ධීකරණ වගකීම ජනාධිපතිවරයාගේ උපදෙස් පිට ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග වෙත පවරා තිබේ.
මේ වනවිට ඇමරිකාව, එංගලන්තය, චීනය ප්රමුඛ රටවල් කිහිපයක් කොවිඩ් එන්නත් නිපදවා තිබේ.
එන්නත ලබාදිය යුතු කණ්ඩායම් අවශ්‍යතාව සහ ප්‍රමුඛතාව අනුවතීරණය කෙරෙන බවත්, . වතු, මහල් නිවාස, නේවාසිකාගාර ඇතුළුව රෝගය පැතිරයාමේ වැඩි අවදානමක් ඇති ස්ථාන සහ කණ්ඩායම් පිළිබඳව දත්ත රැස් කිරීමට සැලසුම් කර ඇති බවත් කොවිඩ් මර්ධන ඒකකයේ ආරංචි මාර්ග සඳහන් කරයි.