කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –
කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළින් තමන් ඉවත් වන බව බස්නාහිර පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද ලිඛිතව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා වෙත දන්වා සිටියේය.
එන්නත් ලබා දිය යුතු වයස් සීමා පිළිබඳ නිශ්චිත ස්ථාවරයක් නොමැතිවීම නිසා ක්ෂේත්රයේ දී ඇතිවන දුෂ්කරතාවලට මුහුණ දිය නොහැකි බව ඔවුහු පෙන්වා දෙති.
පසුගිය වැඩසටහන්වල වයස අවුරුදු 30ට වඩා වැඩි පුද්ගලයන්ට එන්නත් ලබා දුන් බවත්, ඉදිරි වැඩසටහන්වලදී අවුරුදු 60 වැඩි පුද්ගලයන්ට පමණක් එන්නත් ලබා දෙන ලෙස බලධාරීන් දන්වා තිබූ හෙයින් පෙර දැනුම්දීම් සිදුකර අද දින එම වැඩසටහන ආරම්භ කළ බවත්, එහෙත් නැවත වරක් දුරකථන ඇමතුමකින් එන්නත් දීමේ වයස් සීමාව අද (26) වෙනස් කළ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දන්වා සිටිති. එන්නත් කරණය සඳහා සැලසුම් කළ දිනයන්ද වෙනස් කර ඇතැයි ඔවුහු පවසති.
පැයෙන් පැය දිනෙන් දින වෙනස් කරන මේ පිළිවෙළක් නැති කටයුත්ත ස්ථිර සැලසුමක් සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ගේ අත්සනින් යුතු චක්‍රලේඛකයක් සේ නිකුත්වනතුරු තමන් එන්නත්කරණ වැඩසටහනින් ඉවත් වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් ශාඛාව දන්වා සිටී.