ශ්‍රියානි විජේසිංහ –
කොරෝනා රෝගියෙකු හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ 34 සහ 36 යන යන හෘද රෝග වාට්ටු දෙකකට රෝගීන් ඇතුළත් කර ගැනීම සම්පූර්ණයෙන්ම නතර කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
හෘද සැත්කමක් සදහා රෝහල් ගත කල ජාඇල ප්‍රදේශයේ රෝගියෙකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් සිදුකළ පීසීආර් පරික්ෂණයේදී ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විනැයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
මෙම තහවුරු වීමත් සමග එම රෝගියා අයිඩීඑච් රෝහල වෙත මාරු කර හැරීමටත් අදාල වාට්ටු දෙකේ ප්‍රතිකාර ලැබූ රෝගීන්ව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් තවදුරටත් රෝහල තුළම රදවා ගැනීමට තීරණය කර ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය.
අදාල වාට්ටු දෙකේ සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට හා රෝගීන්ට පීසීආර් පරික්ෂණ සිදුකිරීම ආරම්භ කර ඇතැයිද සදහන් වේ.