මාතර – සම්පත් –
තංගල්ල නගරය තුළ පාසල් ළමුන් සඳහා ඇසබි දර්ශන ඇතුළත් CD සහ DVD තැටි අලෙවිකල ව්‍යාපාරිකයන් දෙදෙනෙකු තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්තඩංගුවට ගෙන තිබේ.
එම වැටලීමෙන් විකෘති ලිංගික දරශන සහිත සී.ඩී සහ ඩී.වී.ඩී. තැටි 110 ක් සොයාගෙන තිබේ. සැකපිට එම ව්‍යාපාරයේ අයිතිකරුවන් වූ තංගල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තංගල්ල කොට්ඨාසභාර සහකාර පොලිස් අධිකාරී සනත් අමරසිංහ තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වජිර ඉන්ද්‍රජිත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක කරවිට ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබේ.
සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.