නතාෂා නෙත්මිණි –
වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් සදහා කොවැක්ස් පහසුකම් යටතේ එන්නත් ලබා දීම අද (12) ආරම්භ කළ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සඳහන් කරයි.
මෙම එන්නත් ලබා දීම වික්ටෝරියා වැඩිහිටි නිවාසයෙන් ආරම්භ කළ බව ඇය පැවසුවාය.
කොවැක්ස් වැඩ පිළිවෙල යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගිය 7වෙනිදා අලුයම එමිරේට්ස් ගුවන් යානයකින් මෙම එන්නත් තොගය මෙරටට පැමිණියේය
මේ වන විට කොවිඩ් එන්නත වයස අවුරුදු 30 ඉක්මවූ පුද්ගලයින් හත්ලක්ෂ පනස්දහසකට අධික සංඛ්‍යාවකට ලබා දීමට කටයුතු කර ඇතැයිද ඇමතිනිය පැවසුවාය.