දැනට පවතින කොරෝනා වසංගතය හිතුවාට වඩා දිගු කාලයක් පවතිනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ පසුගිය සිකුරාදා කොවිඩ් වසංගතය පිළිබඳ හදිසි කමිටුව රැස් වී ගතවූ මාස 06 තුළ වසංගතයේ ස්වභාවය පිළිබඳ ඇගයීමේ රැස්වීමෙන් අනතුරුවය.
“කොවිඩ් 19 වසංගතය හිතුවාට වඩා දිග්ගැසීම හේතුවෙන් අපට වඩාත් වේදනාකාරී සහ වෙහෙසකර සාමාජාර්ථික වාතාවරණයකට මුහුණ දෙන්නට සිදුවනු ඇති. ලෝක සෞඛ්‍ය සංවිධානය අඛණ්ඩව මෙම වසංගත තත්ත්වය පිළිබඳ ව ඇගයීමක යෙදෙනවා. එහෙත් තවමත් එහි ගෝලීය අවදානම ඉතා ඉහළ මට්ටමක පවතිනවා.“ යයි ලෝක සෞඛ්‍ය සංවිධනය උපුටා දක්වමින් අද ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය.
මෙම කොවිඩ් 19 හදිසි කමිටුව මාස හයක ප්‍රගතිය සලකා බැලුණේ මෙම වසරේ ජනවාරි මස 30 වැනිදා සිට වසංගතයේ ස්වභාවය පිළිබඳව අධ්‍යයනය කිරීමෙනි.
මෙම හදිසි කමිටුව මේ වනවිට සිව් වතාවක් රැස්වී ප්‍රගතිය සමලෝචනය කර ඇති අතර මාස හයක් ඉක්ම වි ඇතත් එහි අවදානම තවමත් පවතින බවට ප්‍රකශ කර ඇත්තේ ඒ අනුවය.
මම නව කොරෝනා වසංතය පිළිබඳ අගයන හදිසි කමිටුවේ සාමාජිකයන් 17 දෙනකු සහ ඊට අදාළ උපදේශකවරුන් 12 දෙනකු සිටින අතර ඔවුන් සියලු දෙනාගේම එකම මතය වී ඇත්තේ මෙ වසංගතය තවදුරටත් ලෝකය පුරා පවතිනු ඇති ය යන්නය.
මෙම තත්ත්වය හමුවේ ලෝකය සමාජාර්ථික වශයෙන් විඩාබර තත්ත්වයකට ලක්වීම වැළැක්විය නොහැකි වන අතර එයින් රට රටවල ජනතාව සහ ඔවුන්ගේ ආර්ථිකය අඩාල වීම අවම වන ආකාරයෙන් කටයුතු කිරීම අතිශයින්ම වැදගත් බව පෙන්වා දී ඇත.
එමෙන්ම වසංගතය හමුවේ සිදු කෙරෙන පර්යේෂණ එන්නත් අත්හදාබැලීම් ආදිය පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කළ යුතු බව මෙම හදිසි කමිටුව ලෝක සෞඛ්‍ය සංවිධානයට උපදෙස් ලබා දී ඇති බව ප්‍රංශ පුවත් සේවය පවසයි.