බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සනාරෝ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අද බීබීසී පුවත් සේවය වාර්තා කළේය. “මේක පොඩි උණක්“ ලෙසින් බොහෝ විට කොවිඩ් 19 රෝගය හෑල්ලුවට ලක් කළ රාජ්‍ය නායකයකු ලෙස සැලෙකන බොල්සනාරෝ සිව් වැනි වතාවට පී.සී.ආර් පරීක්ෂනයවට යොමුව ඇත්තේ උණ සමඟ කොවිඩ් රෝග ලක්ෂණ පහළ වීම නිසා බව වාර්තා වේ.
බොල්සනාරෝ මෙම වසංගතය බ්‍රසීලය පුරා පැතිරෙන මුල් කාලයේ සිටම මෙම මතයේ සිටි අතර ඔහු එරට ප්‍රාදේශීය ආණ්ඩුකාරවරුන් තමන්ගේ බලප්‍රදේශ අගුලු දැමීමට ක්‍රියා කරද්දී ඊටද තදින් විරුද්ධ වූයේ කොරෝනාවලට වඩා හානියක් මෙම ප්‍රදේශ අක්‍රිය කිරීමෙන් ආර්ථිකයට සිදුවන බව පවසමිනි.
ඔහු පසුගිය වසරේ ඔහුගේ ක්‍රියාකලාපය දැඩි සේ ලෝකය හමුවේ විවේචනය වූයේ ඇමේසන් වනාන්තරය අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් සහ වන විනාශය නිසා ගින්නට හසුවෙද්දීත් ඔහු එය වැළැක්වීමට නිසි පියවර නොගත් නිසාවෙනි.
තමන්ට හැදුණත් මෙය ඒ තරම් ගණනකට නෙගන්නා බවට ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකශහ කරද්දී එරට කොවිඩ් ආසාදනය නිසා මිය ගොස් සිටි ප්‍රමාණය තුන්දහසක් පමණ වුවද මේ වනවිට එරට සිදුව අති මරණ සංඛ්‍යාව 650000ද ඉක්මවා තිබේ. එය දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණි.