මාරාන්තික රෝගයක් වන කොරෝනා වෛරසය ආසාදනය වී තිබියදීත්
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා තම ආධාරකරුවන් වෙත ස්තූති කිරීම සඳහා සිය රෝහල් කාමරයෙන් පිටව ජනරැළියකට අන්තිම මොහොතේ සහභාගි විය.
වෝල්ටර් රීඩ් වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ගන්න ඔහු පිටතදී ඔහුගේ ආධාරකරුවන් වෙත විස්මිත සංචාරයක් කළ බවත් ජනතාව එහිදී සතුටින් ඝෝෂා කළ බවත් එරට වාර්තා පවසයි.
ජනාධිපතිවරයා SUV රථයක සිටි අතර කෑගසමින්, අත්පොළසන් දෙමින් සමූහය වෙත ගියේය.
ඔහු මෝටර් රථයේ ඇතුළත සිට ඔවුන් දෙසට අත් වනමින් ආචාර කලේ මුහුණු ආවරණයක් පැළඳ ගෙනය.
මාරාන්තික රෝගයක් වන COVID වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ පසුව වුවත් ජනාධිපතිවරයා තම රැස්වීම් සඳහා ගත යුතු පියවර මොනවාදැයි මෙතෙක් කියා නැත.
“මමත් හිතන්නේ අපේ සමහර දේශප්‍රේමීන් මේ ගැන ටිකක් පුදුමයට පත් වේවි,” ඔහු තම පිටත සංචාරය ගැන ඉඟි කරමින් පැවසීය. “ඔවුන් ළඟ ට්‍රම්ප් ධජ තියෙනව. ඔවුන් අපේ රටට ආදරෙයි, ඒ නිසා, මම කාටවත් කියන්නේ නැහැ, නමුත් මම ටිකක් පුදුම සංචාරයක් කරන්නයි යන්නේ. ඒ නිසා ඔබ මාව දැකීමට පෙර මම එහි යන්නම්.”
ඔහු සිකුරාදා රෝහල් ගත වූ දා සිට කොරෝනා වයිරසය ගැන බොහෝ දේ ඉගෙන ගත් බව ට්‍රම්ප් පැවසීය.
‘ඒක හරිම රසවත් ගමනක්. මම COVID ගැන බොහෝ දේ ඉගෙන ගත්තා. ඇත්තටම පාසල් ගියා වගේ. මෙය සැබෑ පාසලයි, ‘ඔහු පැවසීය. ‘ අපි ඇමරිකා එක්සත් ජනපදයට ආදරෙයි. සිදුවෙමින් පවතින දේට අපි ආදරෙයි. ඔබට ස්තුතියි” ට්‍රම්ප් පැවසීය.