දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට කොවිඩ් 19 ආසාදිත බව හඳුනාගෙන මේ වනවිට අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මෙම කාන්තාව උණ රෝගී තත්වයක් සම්බන්ධයෙන් ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී රෝගය සුව වී නිවසට යවන අවස්ථවේ දී සිදුක කරන ලද පී.සී.ආර් පරීක්ෂණයකින් කොවිඩ් 19 ආසාදිතයෙක් බව හඳුනාගෙන ඇත.
ඒ අනුව ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙක් පමණ සංඛ්‍යාවක් සහ එම කාන්තාව සේවය කළ පුද්ගලික ආයතනයේ සාමාජිකයන් 40 දෙනෙක් පමණ මේ වනවිට නිවාස තුළ නිරෝධායනයට ලක් කර ඇත.
තවදුරටත් ආශ්‍රිතයන් හඳුනා ගනිමින් සිටින අතර එම කාන්තාවට කොවිඩ් 19 ආසාදනය වූ අකාරය පිළිබඳ පරීක්ෂණ සිදුකරමින් පවතී
මෙම ආශ්‍රිතයන් සම්බන්ධයෙන් ලැබෙන පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵල මත තවදුරටත් අවශ්‍ය පියවර ගනු ඇති බවත් ජනතාව වඩාත් ආරක්ෂාකාරීව සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන ලෙසට උපදෙස් දෙන බවත් සෞඛ්‍ය අංශ දන්වා සිටී.