දිනසේන රතුගමගේ –
කොවිඩ් වසංගතය මැද කිසිදු සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකොට මන්නාරමේ මුරුන්කන් ප්‍රදේශයේ කරත්ත රේස් තරගාවලියක් සංවිධානය කළ පිරිසකට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට මන්නාරමේ සෞඛ්‍ය අංශ නිලධාරීන් පියවර ගෙන තිබේ.
මෙම කරත්ත තරගාවලිය 25 වෙනිදා පවත්වා ඇති අතර ඊට වවුනියාව මුලතිව් යාපනය හා කිළිනොච්චිය යන පළාත් වලින් කරත්ත 64 ක් සහභාගි කරවා තිබේ.
A,B,C, හා D වශයෙන් අංශ හතරක් යටතේ මෙම තරගාවලිය පවත්වා ඇති අතර ඊට සහභාගී වූ ජනතාව අවම වශයෙන් මුව ආවරණයක් හෝ පැළද නොසිටි බවට සෞඛ්‍ය නිලධාරීන්ට තොරතුරු වාර්තා වී තිබේ.
මන්නාරම ප්‍රදේශය කොරෝනා වසංගතය පිළිබදව දැඩි අවදානමකට ලක්ව ඇති ප්රදේශයක්ව තිබියදී විශාල ජනකායක් රැස් වන අන්දමට මෙම තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් මන්නාරමේ සෞඛ්‍ය නිලධාරීන්ට පැමිණිලි ලැබී ඇති අතර ඔවුන් එ ඔස්සේ මේ පිළිබදව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.