දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ පවතින කොරෝනා වසංගතයට බියෙන් මුහුදු මගින් අනවසරයෙන් උතුරට පැමිණි දෙමළ සරණාගතයින් දෙදෙනෙකුගෙන් එක් අයෙක් ස්වසන අපහසුතාවයකින් පෙළෙමින් සිටි නිසා දැඩි ආරක්ෂාව යටතේ යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතිදැයි තහවුරු කර ගැනීම සඳහා එම පුද්ගලයා පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ අනවසර සංක්රමණිකයින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව රැගෙන එන ලද ඉන්දීය බෝට්ටුකරුවන් දෙදෙනෙකු ද නාවික හමුදාව විසින් 11 දා යාපනය තොණ්ඩමනාරු මුහුදු තීරයේදී අත් අඩංගුවට ගෙන තිබිණි.
ඉන්දියාවේ සිට නීතිවිරෝධි ලෙස මෙරටට සංක්රමණය වීමට උත්සාහ කරන ලද පුද්ගලයින් දෙදෙනා වැල්වැටිතුරෙයි සහ මුලතිව් යන ප්රදේශයන් හි පදිංචිව සිටි ශ්රී ලාංකිකයින් වන අතර, එක් පුද්ගලයෙක් එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙක්ව සිට ඇති බවට වැඩිදුරටත් තහවුරු කරගන්නා ලදි.
එසේම ඉන්දියාවේ සිට පැමිණි අනෙක් පුද්ගලයා එල්ටීටීඊ සංවිධානයට යම් සම්බන්ධතාවක් පැවැත්වූ පුද්ගලයෙකු බවට සැක පල කරනු ලබයි.
මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද මෙම පුද්ගලයින් වයස අවුරුදු 21 ත් 52 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් බවට අනාවරණය කර ගන්නා ලදි.
මොවුන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීම සඳහා භාර දෙන තෙක් අනෙක් පුද්ගලයින් තිදෙනා සෞඛ්යාරක්ෂිත ක්රමවේදයන්ට අනුව වෙන් වූ ස්ථානයක ආරක්ෂිතව, හුදකලාව රඳවා තැබීමට කටයුතු කර ඇති අතර, එම පුද්ගලයින්ද පීසිආර් පරික්ෂනය සඳහා යොමු කිරීමට නියමිතය.