පාස්කු කොමිසමේ විමර්ශන අංශයට කැඳවා තිබූ හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ලබන 26 වැනිදා එහි පැමිණිය නොහැකි බවට දන්වා තිබේ.
ප්රකාශය ලබාදීම සඳහා කොළඹ 7, කැප්පෙටිපොල මාවතේ පිහිටි තම නිවස වෙත පැමිණ ප්රකාශ සටහන් කර ගන්නා ලෙස මෛත්රීපාල සිරිසේන මහතා විමර්ශන ඒකකයට දන්වා ඇත.