දිනසේන රතුගමගේ –
ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා රට දැය වෙණුවෙන් දිවි පුදා අගෝස්තු 8 වෙනිදාට වසර විසි අටක් සැපිරෙන නමුත් වවුනියාව නගරය මැද ස්ථාපිත කොට ඇති කොබ්බෑකඩුව ප්රතිමාවට මෙවරද කිසිවෙකුගෙන් හෝ උපහාර පිදීමේ අවස්ථාවක් නොවීය.
පසුගිය වසරේද මේ ඉරණමම උදා වූ අවස්ථාවේදී යුද හමුදාව ප්රකාශ කළේ අනුරාධපුරයේදී ප්රධාන උත්සවය මහ ඉහළින් පැවැත්වූ බවය.
පසුගිය වසරේදී වවුනියාව නගරය මැද පිහිටි කොබ්බෑකඩුව ස්මාරකය අබියස කුමක්වත් සිදු නොවූවද මෙවර එම පරිශ්රය පිරිසිදු කොට තීන්ත ආලේප කොට තිබුණි.
කොබ්බෑකඩුව මහතාගෙන් සමස්ත රටටම විශාල සේවයක් සිදු වූ නමුත් එතුමාගේ හමුදා ජීවිතයෙන් වැඩිම කලක් ගත වූයේ වවුනියාවේ බැවින් එතුමාගේ වවුනියාවේ පිහිටි ප්රතිමාවට ගරු බුහුමන් කිරීම වඩා වැදගත් බව වව්නියා වැසියෝ කියති..