කොළඹට දුරබැහැර සිට පැමිණෙන වාහන වලින් සහ කොටුව, පිටකොටුව, කෙසෙල්වත්තේ වෙළදුන්ගෙන් සහ කප්පම් ලබාගන්නා සංවිධානාත්මක කල්ලියක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් පොලිසිය විසින් දියත්කර තිබේ.
මේ වනවිට මැනින් වෙළෙඳපලට හා පිටකොටුව කැලෑ මාර්කට් නමින් හඳුන්වන රාන්රී පොළට පිට පලාත්වල සිට භාණ්ඩ ප්රවාහනය කරන ලොරි රථවලින් කප්පම් ගන්නා කල්ලියක සාමාජිකයන් 05 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් ග්රෑන්ඩ්පාස්, වැල්ලම්පිටිය සහ කහවත්ත යන ප්රදේශවල පදිංචි වයස අවුරුදු 24, 36,38,55 සහ 60 යන වයස්වල පසුවන්නන්ය.
එම ලොරි රථ රියදුරන්ගෙන් දිනපතා රුපියල් 100 සිට 500 දක්වා මුදලක් මෙම කල්ලිය විසන් කප්පමක් ලෙස ලබාගන්නා බවත් එම මුදල් විවිධ පුද්ගලයන් අතර බෙදී යන බවත් මෙම කප්පම් ගැනීම මෙහෙයවනු ලබන්නේ පාතාලයට සම්බන්ධ පිරිසක් බවත් පොලිසි විමර්ශන හෙළි කරගෙන ඇත.