දිනසේන රතුගමගේ –
එල්.ටී.ටී.ඊ.සංවිධානයේ ප්රාදේශීය නායකයෙකුගේ නමකින් නම් කරන ලද කිළිනොච්චියේ ශාන්තපුරම් ප්රදේශයේ මාර්ගයක එම නම ඉවත් කරන ලෙස කිළිනොච්චිය පොලීසිය කරච්චි ප්රාදේශීය සභාවේ සභාපතිවරයාට දැනුම් දී තිබේ.
එම නමින් මේ මාර්ගය නම් කිරීමෙන් පසුව පොලිස් ත්රස්ත මර්දන ඒකකය විසින් කරච්චි ප්රාදේශීය සභාවේ සභාපතිවරයා කැඳවා ඔහුගෙන් ඒ පිළිබදව මීට ඉහතදී ප්රශ්න කොට තිබේ.
මෙහිදී ඔහු පවසා ඇත්තේ ”වෙට්රී” යනු ජයග්රහණය යන වචනය බවයි. නමුත් මේ පිළිබදව පොලිස් ත්රස්ත මර්දන ඒකකය කළ සොයා බැලීමකදී හෙළි වී ඇත්තේ ශාන්තපුරම් ප්රදේශයේ ඒම මාර්ගයේ සිටි එල්.ටී.ටී.ඊ.ප්රාදේශීය නායකයාගේ අන්වර්ථ නාමයද ”වෙට්රී” බවයි.
නැවත වතාවක් කරච්චි ප්රාදේශීය සභාවේ සභාපතිවරයා කැඳවා කළ ප්රශ්න කිරීමේදී ඔහු ඒ බව පිළිගෙන ඇති අතර පසුව පොලිස් ත්රස්ත මර්දන ඒකකය කිළිනොච්චිය පොලීසියට කළ දැණුම් දීමකට අනුව එම නම ඉවත් කරන ලෙස දැනුම් දී ඇත.
එම නම ඉවත් නොකරන්නේනම් ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාර්ග සංවර්ධන අධිකාරියටත් කරච්චි ප්රාදේශීය සභාවටත් එරෙහිව නඩු පවරණ බවද පොලිස් ත්රස්ත මර්දන ඒකකය දැනුම් දී තිබේ.