මාතර – සම්පත් –
ඖෂධ ආලේපනයක් ශරීරගතවීමෙන් වයස අවුරුදු දෙකක් වූ දරුවෙකු මියගෙස් තිබේ. තම පියාගේ ශරීරයේ කුෂ්ඨ රෝගයක් හේතුවෙන් සමෙහි ආලේප කිරීමට මෙම ඖෂධය භාවිත කර ඇති අතර එලෙස භාවිත කිරීමෙන් පසු එය සුරක්ෂිත ස්ථානයක තැබීමට අමතක වීමෙන් මෙම ඖෂධාලය ආලේපය දරුවාට හසුවී තිබේ.
මෙම ආලේපය දරුවා ගිල දමන ආකාරය දැකීමෙන් පසු දෙමව්පියන් විසින් දරුවා තංගල්ල රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත. මේලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල නෙටොල්පිටිය වැලිආර ප්රදේශයේ අවුරුදු එකහමාරක් වූ දරුවෙකි.
මෙම දරුවා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචිමාර්ග පවසයි .
සිද්ධිය සම්බන්ධව තංගල්ල පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .