කුරුණෑගල ඓතිහාසික පුරවිද්‍යා ගොඩනැගිල්ලක් ඩෝසර් කඩා බිඳදැමීමේ චෝදනාවක් නිසා අධිකරණයේ වරෙන්තු පිට සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණ ඇතුළු 05ක් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විශේෂ මෙහෙයුමක් අරඹා ඇතැයි පොලිස් මාධය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් ගැවසුනේ යැයි සැක කරන ස්ථාන කීපයක් සෝදිසි කළ බවයි. එහෙත් ඒ ස්ථානවල සැකකරුවන් සිට නැත.
මෙම ගොඩනැගිල්ල කඩා බිඳ දැමීමේ චෝදනාව පිට නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයකට අනුව කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් කර තිබිණි.
මෙම නගරාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රභල දේශපාලකයෙකුගේ රැකවරණය යටතේ සුරක්ෂිතව සිටින බව පසුගිය වකවානුව පුරාම සමාජය තුළ කතා බහට ලක් වී තිබිණි.