කොළඹ නගරය තුළ ක්‍රියාත්මක වන මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කාරියක වන ශ්‍රියානි හේමමාලා හෙවත් කුඩු හේමමාලා යන කාන්තාවට අයත් ජාවාරම් කටයුතු සඳහා රහසිගතව පවත්වාගෙන යනු ලබන රාජගිරිය කළපළුවාව පන්සල පාරේ පිහිටි නිවසක් වැටලීමේදී ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදි දෙකක් සහ ලියාපදිංචි නොකළ මෙරට නීතියෙන් අවසර නොමැති එන්ජින් ධාරිතාව සහිත යතුරු පැදියක් සමඟ සැකකුරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ රාත්‍රී සමත් විය.
කුඩු හේමමාලා නමින් ප්‍රකට කාන්තාව එම නිවසෙහි නීති විරෝධී මත්ද්‍රව්‍ය සගවා ඇති බවට ලද තොරතුරක් මත මෙම සෝදිසිය සිදු කෙරී ඇති අතර මෙම යකුරු පැදි ව්‍යාජ අංක තහඩු යොදා තිබිමෙන් ඒවා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට භාවිත කර ඇති බවට පොලිසිය සැක පළ කරයි.
විශේෂ කාර්ය සාධක බලකාය අත්අඩංගුවට ගත් වයස අවුරුදු 32ක රාජගිරිය අඹගහ හන්දියේ පදිංචි පුද්ගලයා සමඟ අදාළ යතුරු පැදි වැලිකඩ පොලිසිය වෙත වැඩිදුර විමර්ශණ සඳහා ඉදිරිපත් කොට ඇත.