මත්කුඩු ජාවාරමට සම්බන්ධ වී අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ගෙනවිත් දුන් කුඩු සමඟ අවිආයුධ තොගයක් භාරගත් බඩෝවිට රාජිත හෙවත් “ලොකු“ නැමැත්තා සොයා මේ වනවිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතු ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් නිලධාරීන් ඔහු වෙත හෙරොයින් කිලෝ ග්රැම් 243ක් සමඟ පිස්තෝල හතරක් ලබා දී ඇති බව විමර්ශණවලදී අනාවරණය වූ අතර ඔහු අත්අඩංගුවට ගතහොත් මෙම ජාවාරමේ බොහෝ තොරතුරු හෙළි කර ගත හැකි වනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.
මෙම මත්කුඩු තොගය සහ අවි ආයුධ ඉරාන ජාතියන් පිරිසක් විසින් ගෙන එන ලද බවට තොරතුරු ලැබී ඇති අතර ඔවුන් විසින් ගෙනා බව කියන පිස්තෝල පහෙන් එකක් මෙම ජාවාරමේ මහමොළකරු ලෙස පැවසෙන පසුගියදා කඩවතදී පොලිසියට භාර වූ පොලිස් පරීක්ෂක වසන්ත කුමාර ගේ අසල්වැසි නිවසක තිබී රුපියල් ලක්ෂ 11ක මුදල්ද සමඟ සඟවා තිබියදී සොයා ගත හැකි විය.