දිනසේන රතුගමගේ –
කිළිනොච්චිය කන්දසාමී කෝවිලේ තිබූ පිංපෙට්ටිය කිසියම් පිරිසක් විසින් කඩා එහි තිබූ මුදල් පැහැර ගෙන ගොස් තිබේ.
තනි වානේ වලින් සකසා තිබූ මෙම පිං පෙට්ටිය රැගෙන යාමට නොහැකි නිසා දැඩි පරිශ්රමයක් දරා කොල්ලකරුවන් විසින් පිං පෙට්ටිය කඩා තිබේ.
මේ සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලීසියට පැමිණිලි කොට ඇති අතර පිංකැටයේ තිබූ මුදල් ප්රමාණය ඇස්තමේන්තු කිරීමට පවා නොහැකි බව කෝවිලේ පූසාරීවරයා පොලීසියට පවසා තිබේ.
කිළිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.