දිනසේන රතුගමගේ
කිළිනොච්චියේ ඉන්දුපුරම් ප්රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් කෝටි 14 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්රෑම් 2685 ක ප්රමාණයක් සමග එක් සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද ( 24 )දා අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරු කේරළ ගංජා ප්රවාහනය කිරීම සදහා යොදා ගත් බවට සැකකෙරෙන යතුරු පැදියක්ද අත් අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අදාල සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා තොගය හමු වී ඇති අතර සැකකරුව කිළිනොච්චිය පොලීසියට බාර දීමට පියවර ගෙන තිබේ.