දිනසේන රතුගමගේ –
යාපනයේ චාවකච්චේරී මහිලන්කේණී ප්රදේශයේ නිවෙස් වලට 7 දා රාත්රී දැවැන්ත කිඹුලන් තුන් දෙනෙකු පැමිණීමත් සමගම ගම් වැසියෝ බියට පත්ව සිටිති.
වර්ෂාවත් සමගම පළාතේ වැව් වල සිටි කිඹුලන් ගොඩටගසා ගෙන ඒම නිසා යාපනයේ චාවකච්චෙරී ප්රදේශයේ ජනතාවට මෙම කිඹුල් බිය පැමිණ තිබේ.
ජලය ගලාගෙන යන ඇලවල් දිගේ පැමිණෙන කිඹුලන් රාත්රී කාලයට නිවෙස් වලට රිංගා ආරක්ෂාවීමට පටන් ගෙන ඇති අතර චාවකච්චේරී මහිලන්කේණී ගම්මානයේ වැසියෝ එම කිඹුලන් තුන් දෙනාම අල්ල්ලා වනජීවී නිලධාරීන් වෙත බර දී තිබේ.