මාළිගාවත්තේ පිහිටි කාල්ටන් පෙර පාසල දින කිහිපයකට පෙර රාත්‍රී කාලයේ ඉබි යතුරුකඩා කිසියම් අයකු ඇතුළු වී සොරකම් කර ඇතැයි මාළිගාවත්ත පොලීසිය සදහන් කරයි.
රූපවාහිනී යන්ත්‍රයක් ඇතුළු ඉලෙක්ට්‍රෝනික් භාණ්ඩ කිහිපයක් සොරා ගැනීමට ලක්ව ඇති බවත් සොරකමට සම්බන්ධ වී ඇත්තේ එක් පුද්ගලයෙක් පමණක් බවත් පොලීසිය කියයි.
එම පුද්ගලයා එම භාණ්ඩද සොරාගෙන ගමන්කර ඇත්තේ ප්‍රධාන මාර්ගය ඔස්සේ බව ආරක්ෂක කැමරා පරීක්ෂාවේදී හෙළිවී තිබේ.
මුව ආවරණ පැලද සිටි එම සොරා හදුනා ගැනීමට මේ වන විට මාළිගාවත්ත පොලීසිය මෙන්ම පොලිස් බුද්ධි අංශ කටයුතු කරමින් සිටී.
මාළිගාවත්තේ පිහිටි කාල්ටන් පෙර පාසල පවත්වාගෙන යනු ලබන්නේ අග්‍රාමාත්‍ය ආර්යා ශීරන්ති රාජපක්ෂ මහත්මිය විසිනි.
මෙම සොරකම සිදුවන විට එහි මුරකරු නිවාඩු ලැබ සිට ඇති බවද පොලීසිය සදහන් කරයි.