කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ
දැනට හුදකළා කර ඇති ප්‍රධාන මුස්ලිම් ජනපදයක්වන දොම්පෙ කුමාරිවත්ත ප්‍රදේශයේ පී.සී.ආර් පරීක්ෂණ විද්‍යානුකූල පදනමක් යටතේ සිදුකර ගත නොහැකි වීම නිසා කොවඩ් පැතිරීම පාලනය කරගැනීමේ දුෂ්කතර රැසක් මතුවී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
මෙම ප්‍රදේශයේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා කාන්තාවන් නොපැමිණීම හා කාන්තාවන්ගේ පී.සී.ආර් පරීක්ෂණ කිරීමට විරෝධයක් පලවීම නිසා මේ තත්වය උද්ගත වී ඇතැයැ පැවසේ.
එමෙන්ම කුමාරිවත්ත හා තිහාරිය ආශ්‍රිතව ආසාදිත පුද්ගලයින් තමන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධව නිවැරදි තොරතුරු ලබා නොදීම නිසා තත්වය තවත් සංකීර්ණ වී ඇතැයි ද මේ සම්බන්ධව කළ විමසීමක දී ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා පැවසීය.
මේ හේතුවෙන් ප්‍රදේශයේ මවුලවිවරුන් හා සම්බන්ධ වී අද (23) සිට විශේෂ දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළක් හරහා මේ තත්වය පාලනය කරමින් පී.සී.ආර් පරීක්ෂණ ක්‍රමවත් කිරීමට බලාපොරොත්තුවන බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.