ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයා සහ ඔහුගේ බිරිය සම්බන්ධව මේ මතු වී ඇති සීගිරිය ඉඩම් ගනුදෙණු සිද්ධිය සුළු කොට තැකිය නොහැකි ආකාරය මාතලේ දිසාපතිට හා ප්‍රාදේශීය ලේකම්ට දැනුම් දුන් බවත්, පොලිස් පරීක්ෂණ හා විමර්ශන හරහා අධිකරණයට ගොස් අධිකරණය මාර්ගයෙන් මීට අදාල වරදකරුවන් සෙවීමට කටයුතු කරන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ ලංකාසරට පැවසීය.
අණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේ කුමාර් සංගක්කාර හා යහළි සංගක්කාර සම්බන්ධව සීගිරිය මයිලත්තාව ප්‍රදේශයේ සිදුවූ ආන්දෝලනාත්මක ඉඩම් ගනුදෙනුව පිළිබඳව තොරතුරු විමසීමේ දී ය.
මෙතැන සිදුවී ඇත්තේ අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් බව කී ආණ්ඩුකාරවරයා රජයේ දේපලවලට කූඨ ලේඛණ සැකසීම යන කාරණාවම බරපතල අපරාධයක් හෙයින් බලපත්‍ර අවලංගු කිරීමෙන් මෙම ප්රශ්නය යටගැසීමට ඉඩ දිය නොහැකි බව පෙන්වා දුන්නේය.
ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
“ නීතිය හමුවට මේ ප්රශ්නය රැගෙන එන්නෙ නැතිව මේක ලේසියෙන් යටපත් කරන්න බෑ. ඕනෑම වරදකරුවෙකුට පුලුවන් කරපු සිද්ධිය අවලංගු කරලා, නොකළ තැනට සියලුම වැඩ සලස්වලා පැත්තකට වෙලා බලාගෙන ඉන්න. ඒ හරහා එවන් සිදුවීමක් සිදු නොවුන ආකාරයට පසුබිම සකසා ගත හැකියි. නමුත් මෙහිදී සිදුවී ඇති දේ හරියට දැනගැනීමට විමර්ශනය පොලිසිය හරහා යා යුතුමයි. විමර්ශනය පොලිසිය හරහා යෑමෙන් පමණයි අධිකරණයේ දී සාක්ෂි ඉදිරිපත් කළ හැක්කේ.
“ඒ හැරුණු විට අනෙක් හැම වෙලාවෙම කරුණු යටපත් කරන්න අවස්ථාව හැදිලා තියනවා. දැන් මේ සිද්ධිය පාදක කරගෙනවත් රජයේ ඉඩම්වලට මොකද වෙන්නෙ කියන කාරණාව ගැන සමාජ කථිකාවක් නිර්මාණය විය යුතුයි. “
ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.